Friday, February 22, 2019

ඉතින් එබැවින් නවතිමි….

බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි....
නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි.... තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි….. ඉතින් එබැවින් නවතිමි…. හදින් පිටමන් නොකරමි….. නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්... පෙමින් සගවා දරා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්.... සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති... ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි....

Lyrics – Saumya Sadaruwan Liyanage


දු‍ටු විගස ආදරයෙන් බැ‍ඳෙන සුපෙම්වතුන් අප අසා ඇත්තෙමු .අංශු මාත්‍රයක බැල්මක් ඔවුන්ට ප්‍රමාණවත්ය. ආදරයේ කෝඩුකරුවන් සදා පතන්නේ එවැනි මිහිරිතම හැඟීම ය. නමුත් අප කාලය සමඟ ගැටෙන විට, සමාජය හා ගැටෙන විට අප ආදරයට පවා බාධා ආදරය කරන සමයේ මෙබඳු වදන් කීවද, පනවන්නේ සිත පවා රවටා ගනිමිනි.
"ප්‍රේමාදරේ වචන සීමා නොවේ ඔබ වෙයි මගේ එකම හීනේ"

Image result for loveආදරය අයත් කර ගන්නටම ඕනෑ ද.. නැහැ!!
ඔබ දිනෙක ඔබට අයත් තැනක නවතින බව මම නොදන්නවා නෙවෙයි. මම ඔබව හදවතේ සුරකිමින් හිනැහෙන්නට කැමතියි. බොහෝ පෙම් වෘන්තාන්ත වල අවසානයේ ඉතිරි වන්නේ හදවත සැමදා රිදුම් දෙන වේදනාවක් පමණි. ඒ වේදනාව මොහොතකට යළි යළිත් ඔබේ ජීවිතයේ සුන්දර ගමනාන්ත වල ඔබව අතරමං කරනවා විය හැකිය. සදාතනික වේදනාත්මක ස්වරයක ඔබ යළි යළිත් කිමිදෙනවා විය හැකිය. කිසිදා කිසිවෙකුට දැනෙන්නට වත් ඉඩ නොහරින සියුම් රිදුමක් හදවත ඔබටත් හොරාම රිදවනවා විය හැකිය.


ඉතින් එබැවින් නවතිමි… හදින් පිටමන් නොකරමි..
නැවතීම.. සෑම දුක්බර ප්‍රේම කතාවක අවසානය යි. ඉතින් මම නවතිමි. තවත් මෙබඳු වේදනා මගේ හදවතට බර වැඩිය. ඉසිලූ දුක් කන්ද ඕනෑවටත් වඩා වැඩිය. නමුත් මම කිසිදා ඔබ හදින් පිටමං නොකරමි. සියළු දුක් වේදනා මම දරා ගන්නේ ප්‍රේමයේ නාමයෙනි.

පෙමින් සගවා දරා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්...

ප්‍රේම ගින්න සියලු අග්නි දාහයන්ට ත් වඩා සිත පෙළයි. කායික වේදනාවන් සුව කළ හැකි මුත් හදවතේ වේදනාව කිසිඳු විටෙක සුව කළ හැකි නොවේ. එහෙයින් කෙතරම් උත්සාහ දැරුව ද සදාකාලික වේදනාවකින් සිත නිරතුරුවම පෙළෙයි. එබැවින් ප්‍රේම ගීතය කිසිදා ලියා අවසන් කළ නොහැකි වන්නේය.
ආදරය වඩා සුන්දර එය අප්‍රකාශිතව පවතින තුරු බව මට විශ්වාසයි!


-චමෝදි විතානගේ-


කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

No comments:

Post a Comment