සිනා
පොදක් වී ඔබගේ දෑසේ
- නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක්
දී ඔබගේ දෑසින් - ගිලිහී
යන්නට උරුම කළේ ඇයි..
සෙවණැල්ලක්
සේ ඔබ දිවි ගමනේ
- අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව
දක්වා නෙතු යුග රවටා
- වල්මත් කරදා සැඟව ගියේ
ඇයි..
මල්
කැකුළක් සේ ඔබ හද
උයනේ - විකසිත වන්නට සැරසී උන් මා
සිත
ගිනි අවුලා පියවර අවුරා - අසරණ කර දා
සැඟව ගියේ ඇයි...
ගායනය
: දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ජීවිතය
වනාහී කඳුල, සතුට අතර දෝලනය
වන්නා වූ දෙයකි. මව්පිය
ඇසුර ලබන යුවතියක් ඉන්
අනතුරුව ආදරය බලාපොරොත්තු වන්නේ
පෙම්වතාගෙනි. බොහෝ බලාපොරොත්තු රාශියක් සමඟ
ආදරයට අත්පොත් තබන ඇයට නොසිතූ,
නොපැතූ මොහොතක ආදරයෙන් සමුගන්නට සිදුවීම කෙතරම් වේදනාවක් ද?
මා බොහෝ පැතුම් සිතේ
දරා ගතිමි. ඔබ හැර කිසිවෙක්
නොපැතුවෙමි. මේ පැතුම අදට
පමණක් පැතුවක් නොවේ. ජීවිත කාලය පුරාම ඔබේ
වන්නට ප්‍රාර්ථනා කළෙමි.
ඒත් අද, සිනහවෙන් ඔබ
හා ගෙවූ කාලය අත්හැර
දුකට උරුමකම් කීමට මට සිදුවී
ඇත. වත කමල මත
මූර්තිමත් වූ සිනහව වෙනුවට
දැන් ඉතිරි වී ඇත්තේ කඳුලැලි
පමණි.
ලෝකය විචිත්‍ර වන තරමට
එහි ජීවත් වන මිනිසුන්ගේ සිත්
විවිධාකාරයි. මිනිසුන් සියයක ගේ සිත් සීයක්. දාහකගේ
සිත් දාහක්. ඒ අතරේ අපි
සොයන්නේ වඩා ප්‍රභාෂ්වර සිතක්. ආධ්‍යාත්මික ආදරයට
හදගුලු විවර කළ හැකි
සිතක්. රචකයා පෙම්වතියගේ සිත මල් කැකුළකට
සම කළේ එහෙයිනි. ඔබගේ
හදවත නැමැති මල් උයනේ සුපුෂ්පිතව
සුගන්ධයෙන් ඔපවත් වූ අයෙකු වන්නට
මා පැතූ පැතුම්, අකාලයේ
මිලිනව යනු දැකීම මා
හට සිත් නොදෙයි. නමුත්
ඔබගේ හද උයනේ මා
වෙනුවට තවකෙකු වෙනුවෙන් දොරගුලු විවර වනු ඇත.
සැබෑ
ආදරය මෙයද? පරිත්‍යාගය, කැපවීම නොමැති හුදෙක් කායික සැපත පමණක් මුදුන්
පමුණුවා ගැනීමට යත්න දරන මිනිස්
ජීවිතයේ ඉම කොතැනද? පෙම්වතිය
ගේ සිත තුළ මැවී
තිබූ ප්‍රේම රාජ්‍යය බිඳ වැටෙයි.
අරාජික තත්ත්වයට පත් ඇය හසරක්
නොදකී. සියළු දෑ අවසානයේ ඇයට
උරුම වූයේ කටුකත්වය,
කඳුළු සහ රිදුම් දෙන
හදවත පමණක් නොවේද? මෙය ආදරය ද?
ආදරය මෙසේ විය යුතුද?
පෙම්වතියගේ
සිත මෙතරම් සියුම් ලෙස විග්‍රහ කරන්නට රචකයා දැක්වූ සමර්ථතාවය පැසසිය යුත්තකි. කොයි කවුරුත් ආදරය
කරන්නේ හුදෙක් සැප සම්පත් බලාපොරොත්තුවෙන්
නොවේ. ආදරණීය හදවත් දෙකක් එකට පෑහීම පමණක්
ඊට ප්‍රමාණවත් ය.. මෙකී
යුවතියට ද පැවතියේ ඉතා
සරල ආශාවන්ය. නමුත් ඇය අවසානයේ වල්මත්
වූ එකියක සේ ආදරය නැමැති
නිරුදක කතරේ තනි වූවාය.
අහිමි බව දැන දැනත්
ආදරය මඟ හරින්නට නොහැක.
මේ ආදරය පසු පසම
ලුහුබැඳ එන අනන්ත වේදනාවෙන්
සැඟවෙන්නට ඇයට තැනක් තිබුණා නම්,
මේ සිදුවීම මෙතරම් ම ශෝකාලාපයක් නොවනු
ඇත.
බොහෝ
දෙනෙකුට ආදරය අවසානයේ ඉතිරි
වන්නේ දුක, කඳුල පමණි.
මෙසේ වන්නේ ඇයි? ආදරයේ අවසානය
එසේ විය යුතුද? ආදරයේ අවසානය විවාහයෙන් කෙළවර වන්නේ කෙතරම් කලාතුරකින් ද? ආදරයත් සමඟ
එන විරහව ඉවසීමේ දොරගුලු කඩා බිඳ දමයි. නමුත් පෙම්වතිය ඉතා සංවේදීව එය
දරාගත් අයුරු කෙතරම් අපූරු ද? ඔබේ හදවතේ
ඇති ගැඹුරුම තැනෙහි ආදරය වෙනුවෙන් ඉඩක්
වෙන් කරන්න.
- චමෝදි විතානගේ -
කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.
-සියළුම හිමිකම් ඇවිරිණි-
Adaraya...homi weema ahimi weema athara wiwida aruth demin apa jeewithytda paminei. Yuwathiykge wirha wedanwe siyum then menawin mein wisthra kala atha. Honda nirmanayk.
ReplyDeleteObage adahas walata thuthi!! ���� ��
Delete