Wednesday, August 30, 2017

මා හැරදා ඈ ගිය දවසේ...


Image result for love separation


තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉරහඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ... 
මා හැරදා ඈ ගිය දවසේ...

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැති
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැති
තැවුනේ දැවුනේ පිරිසිඳු සිතකිනි
එකම ළඳක් වෙත පෙම් කළ උමතුවෙනි

නුවර උයන් මැද හමුවූ ළඳුන් ඇති
යටසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිඳු සිතකිනි
එකම ළඳක් වෙත පෙම් කළ උමතුවෙනි

මා හැරදා ඈ ගිය දවසේ...


ගායනය : ගුණදාස කපුගේ ශූරීන්


හිතවතුනි ආදරයේ සෙවණැලිද තිබෙන, විටෙක  කොහෙත්ම ආදරයක් නොවෙතැයි සිතෙන ඒ අන්දරයට මා දෙන නම කුමක්ද? ආදරය කායික බැඳීමකින් තොරව දුර යා නොහැකැයි සිතන  මනසකට මේ කතාන්තරය පෙනෙන්නේ නිකම් හිතේ ඇතිවූ මුලාවක් ලෙසින් විය හැකිය. එහෙත් ඉන් දැනෙන වේදනාව කෙතෙක්දැයි දන්නේ හැඟීම් පාරන මෙබඳු ආකර්ෂණයක් විඳ ඇත්නම් පමනි. හිතවතුනි මා එයට ආදරයකැයි කීවාට වරදක් නැතිද?


Image result for love separation
තරුණ සිතෙහි හටගන්නා ආදරය මුළු ලෝකයම විචිත්‍ර කරවයි. විටෙක ආදරය පරම පවිත්‍ර විය හැකිය. එ නමුදු අසම්මත ආදර කතාද අප අසා නැතුවාම නොවේ. තරුණයෙකු එක්තරා තරුණියකට මුළු හදින්ම පෙම් කරයි. නමුදු දෛවයේ සරදමට මෙන් ඔවුන් දෙදෙනාට එක් වන්නට නොහැකි වෙයි. එතෙක් කලක් ආදරණීය හැඟිම් සිත්හි දරා සිටි ඔහු දැන් ආවර්ජනය කරන්නේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමාලාපයයි. තරුණයා පවසන අන්දමට ඔහුට හමුවූ තරුණියන් බොහෝය. යටැසින් ඉඟිකර බලා ප්‍රේමණිය ඇරයුම් එවූ තරුණියන් ගණන ද බොහෝය. නමුදු ඔහු එකම සිතින් ඇයටම පමණක් ම ප්‍රේම කළේ ඇගේ ආදරයට වුවද අරුතක් දිය යුතු බැවිනි. ඔහු පිරිසිඳු සිතකින්, එක් අසම්මත සිතුවිල්ලකින් පවා තම සිත කිළිටි නොකරගෙන ඇය වෙත පෙම් කළත් අවසානයේ ඉතිරි වූයේ ළතැවිල්ල පමණකි. 



ඉතින් ආදරේ පටන් ගන්න නිදහසට කාරණා නෑ. ආදරේ අවසන් කරන්නත් නිදහසට කාරණා නෑ. ඉතින් ඒ හැමදේම වෙන්නේ තමන්ගේ හිතට දැනෙන ආකාරය අනුවයි. මොනම හේතුවක් නිසා හෝ තමන්ගේ ආදරේ කරන කෙනා දාලා යනවානම් එතන කිසිම අවංක ආදරයක් නෑ. 
Image result for love

අදත් යන එන දකින හැම මඟ
සහස් නෙත් මං දකිනවා
අතරේ නෑ ඔය නිල් නුවන් නුඹේ
වරම් නෑ හිත කියනවා..
ඉන්නටත් බෑ යන්නටත් බෑ
හීන විසිරෙයි දන්නවා
කවුරු ඇවිදින් කොහොම කිව්වත්
තවම හිත නුඹ සොයනවා...




අවසාන වශයෙන් ගීතයෙන් ගම්‍ය වන්නේ මෙබඳු අදහසකි. "අපි සමහරු වෙනුවෙන් අපේ ජීවිතේ ගොඩක් දේවල් කැප කරලා අත්හරිනකොට, ඒ අය ඒ අයගේ ජීවිතේ සමහර දේවල් වෙනුවෙන් අපිව අත්හරිනවා".


-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

No comments:

Post a Comment