Monday, July 17, 2017

බලා වැළපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ

Image result for love and hand

සුභාවිත ගීතය සැමවිටම රසිකයාට ගෙන එන්නේ අප කවුරුත් එක හෙලා නොදකින ඔබේම ජීවිතවල නොදුටු පැතිකඩයන්ය. නමුත් එම ගීත රස විඳින කල, ගීතයේ ඇත්තේ කුමන අරුතක් දැයි අප කී දෙනෙකු අවධාරණයෙන් අසා ඇත්ද? එම ගීතවල අරුත ඉතා අවධාරණයෙන් සොයා බලන කල, එහි ඇත්තේ කෙතරම් ගැඹුරක්දැයි ඔබටම වැටහෙනු ඇත.

ආදරය සැබැවින්ම සුන්දරය. එපමණටම පවතින බාධක මහත්ය. ගීතයට පාදක වූයේ සරසවි ප්‍රේමයකි.  තරුණියක හා සරසවි ඇදුරෙකු අතර පැවති ආදර අන්දරය ගීතයේ වස්තු බීජයයි. හන්තාන කඳු පෙළ හා ආදරය අතර ඇත්තේ අසීමාන්තික බැඳීමකි. හන්තාන යනු ප්‍රේමයේ පාරාදීසයයි. එබැවින්ම බොහෝ ගීත රචකයන්ගේ ගීත වලට පාදක වූයේ හන්තාන කඳු පෙළ හා ඒ සම්බන්ධ ආදරයයි.


බලා වැළපෙමි නෙළා ගනු බැරි 
Related image
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ 
හන්තාන සිහිනේ...

වැහි පබළු යට රඟ මඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නො එනු මැන ළඳුනේ..

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුනු පෙම් ගී අහන්නම්
සොඳුරු  සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ...
                                                  
කිසිදා ළඟා කරගත නොහැකි සිහිනයක තමා අතරමං වී ඇති බැව් තරුණිය කියන්නීය. ආදරය යනු නිර්වචනයක් දිය නොහැකි මහා ආත්මාර්ථකාමී හැඟීමකි. තමාගේ ආදරය තමාටම මිස වෙනෙකෙකුට හිමි වනවාට නොකැමැති ඇය උපේක්ෂාවෙන් ඒ හැඟිම විඳ දරා ගැන්මට සූදානම් වන්නීය. නමුදු කිසිදා ළඟා කර ගත නොහැකි බව ප්‍රත්‍යක්ෂව පැවතිය දීත් තමාට ඒ සිහිනය ඉ‍ටු කර දීමට වෙහෙසෙන්නැයි සරසවි ඇදුරා අයදියි. 

ඇයට අවැසි වන්නේ මුළු සරසවියට ම පෙනෙන්නට ඔහු හා තුරුළු වෙන්නටය. ආදරය බෙදා හදා ගන්නටය. නමුදු ඒ කිසිවකට සිත එකළස් කර ගැන්මට ඔහුට නොහැකිය. ස්වකීය බිරිඳගේ වෙන්ව යාමෙන් හිස් වූ ගිලන් වූ ඔහුගේ හදවත තෙමා සුරකිනු පිණිස ආදරයෙන් දොවන්නට ඇය සැරසෙන්නීය. නමුදු ඔහු පවසන්නේ සිය ප්‍රිය බිසවගේ වෙන්ව යාමෙන් හුදෙකලා වූ ඔහුගේ විජිතය තුළ ඇයට ඉඩක් ලබා දීම ඉතා අපහසු බවයි. තමාගේ හදවත තුළ ගිලන්ව පවතින දැඩි ශෝකාන්ධකාරය නිසා ඇයගේ පැමිණීම නොමනා යැයි ඔහු පවසයි. 


Image result for love between twoතරුණිය කිසිවකින් නොසැළෙන්නීය. මහා මේරු පර්වතය මෙන් සියළු දුක්ඛ දෝමනස්සයන් දරා හිඳින්නීය. ඇය පවසනේ ඕනෑම කාලයක් ඇයට ඉවසාගෙන සිටිය හැකි බවකි. ආදරය වෙනුවෙන් ඕනෑම කැප කිරිමකට ඇය සූදානම් බව ඇය පවසන්නීය. 


කෙදිනක හෝ ඇගේ සිහිනයට ඔහු වඩින තුරා උපේක්ෂාවෙන් බලා හිඳින බැව් ඇය පවසන්නීය. පෙම්වතාට වුවද ඇගෙන් මිදෙන්නට සිත් නොදෙයි. කර්කෂ ආදර සංග්‍රාමයකින් හෙම්බත්ව සිටින ඔහු, ඇගේ බොළඳ ආදරය හමුවේ ඉමහත් චිත්ත ප්‍රීතියකට පත්ව ඇත. 


කෙසේ වෙතත් අවසානයේ ප්‍රේම සංවාදය නිම වන්නේ පෙම්වතාගේ ළයාන්විත ආයාචනයෙනි. එනම් තමා එන තෙක් ‍රැඳී සිටින්නැයි ඔහු කරන ඉතාම බැගෑපත් එහෙත් ආදරණීය ආයාචනයෙනි. 


මේ ගීතයට විවිධ අරුත් තිබිය හැකඑය මට වැටහෙන්නේ එ පරිද්දෙනි.

මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයෙකු වන ජානක සිරිවර්ධනයන් ය. නාද රටා අරුණ ගුණවර්ධනයන් ගෙන්ය. ගීතයට හඬ මුසු කළේ හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සමඟ උමාරියා ය. කලකට පසුව සිංහල ගීත සාහිත්‍යට එක් වූ අපූර්වතම නිර්මාණයක් ලෙසින් මෙය පෙන්වා දිය හැකිය. 


ගීතයට සවන් දෙන්න : https://www.youtube.com/watch?v=PuEJOfjAkLU


කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 


No comments:

Post a Comment