Sunday, May 11, 2025

කළුවරට හිත බය හින්දා
ඔය පපුවෙ උණුහුම වින්දා
ඇස් බැන්දු රෑ හීන පෙන්නා
නුඹ මාව තුරුලටම ගත්තා
නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ
අඳුරකද මං නැවතුනේ
දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්රේමයේ
නොදැනෙනා දුරක නුඹ ළඟ
ආදරෙන් ආව
නොසිතෙනා ලෙසට ළං වුන
ආදරේ සුව දෙන
නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ
අඳුරකද මං නැවතුනේ
දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්රේමයේ
විසිරෙනා සිහින එක් කොට
මාලිගා තැනුව
අපි නමින් ඇන්ද සිතුවම
මතකයකි හැම දින
දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්රේමයේ

ඒ ආදරයේ සුන්දරම කාලයයි. කිරිල්ලියක සේ නිදහසේ ගලා ගිය කාලයයි. ආදරයෙන් ලද විරාමය මම ගත කලේ ඒ කාලයේ සියුම් තැන් ස්පර්ශ කරන්නටයි. 

වසර ගණනක දීර්ඝ නිහැඬියාවකින් පසුව 
ඔබෙන්  ඇමතුමක් ලැබෙයි..
"දැන් මොකද කරන්නේ?"
"මම ඒක දන්නේ නැහැ"  
මගේ පිළිතුරු  ඇත්තටම  එදා වාගෙම සැරයි..
"තවම ඔයා එතැනමයි"
"නෑ මම තව දුරටත් ඉන්නෙ එහෙ නෙවෙයි"
ආයෙම හුස්මක හඬක් යන්තමට ඇසෙයි..
"මම කියන්නේ ජීවිතේ ගැන" නැගෙන ස්වරයක් බිඳෙයි..
"ජීවිතේ වුනත් එහෙමයි, එක තැනක තිබ්බ දෙයක් නෙවෙයි"
"බඳින්නෙ කවදද? 
මට එදාට එන්න කියනවද?"  
ඒ ප්‍රශ්නේ සුපුරුදුයි.
"මගේ හීන දැන් මැරිලා ඉවරයි" 
දෙවියනි මොනවාද මේ කියවෙන්නේ.
" පරිස්සමෙන්  ඉන්නවද, උදව්වක් ඕන වුනොත්  කියනවද?"  අන්තිමේදිත් ඔබ අසයි..
"ආයෙම කවදාවත්ම කතා නොකලොත් හොඳයි "
"හ්ම් හ්ම්!"
එහෙම කියපු ඔබ මටත් හොරෙන්ම ඔබේ කසාදය තීන්දු කරගෙන තිබුනා.

No comments:

Post a Comment