ජීවිතය ආදරයෙන් ගොතන්නට එක්වෙමු.. "ජීවිතය නම් ප්‍රහේලිකාව විසඳිය නොහැක්කේය. කොතරම් සමීකරණ ආදේශ කළද , ඇතැම් විචල්‍යයන්ට දිය හැකි පරිමිත අගයක් නැත්තේය. එහෙත් ඒ විචල්‍යයන් නොමැති කල්හි සමීකරණයෙහි කිසිදු ප්‍රමිතියක්ද නැත්තේය..."
Wednesday, October 15, 2014
ඔබේ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ....
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ....
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබේ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ....
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුළඟ හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ....
පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ
විලාප ගැසීමට හේතුවක් තියෙනවා..හේතුව තමා දැන් හැමදේම
තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි.
සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.
"දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා"
පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ
(ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන
ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා
නැති පවුලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්‍යය කාලෙට වැහි වැටෙනවා
වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන,
අගහිගකම් එන්න පටන්ගත්තා.
"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක
දැනෙන්න දුන්නේ නෑ.
"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"
මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ළමයා
හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ළමයා හිතනවා මම මේ
තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ
එකම අරමුණ සේ මාව සලකල නේද කියල...
ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්මාව
එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම
ව්යංගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ බිරිඳකගේ
සෙනෙහසක් ගැන කියන්නෙ..
"නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබේ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ"
කසාද බැදල අම්මටත් වඩා බිරිඳව ලොකු කරගෙන හිටියා.... හැබැයි
බිරිඳ කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , බිරිඳගෙ ආදරේ අම්මගෙ
ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ
ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ
අගලක බැස්මක් මේකෙ තියෙනවා කියලා......යෝද ඇල වතුර ගලනව
කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනවා
කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල
ගියාමයි තේරෙන්නෙ බිරිඳත් මවත් අතර වෙනසක් තියෙනවා කියලා.
එතකොට ඔහු පමාවෙලා වැඩියි.
"මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ"....
--චමෝදි විතානගේ--
කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්යුත් මාධ්‍යයකින් ගබඩා කර ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම්ය. සියළුම හිමිකම් ඇවිරිණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment