ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේ ද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා..
රන් සිනා පාමි පූජාසනේ...
ස්නේහයේ නගරයයි සිත මගේ...
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නේ මං
පූජනීයයි උතුම් ආදරේ...
තරුණයෙක් සිය පෙම්වතියට පවසනවා මාගේ හදවත තුළ රාගයෙන් තොර වූ ආධ්‍යාත්මීය ආදරයක් සඳහා
ඉඩක් ඇති
බව, ඔහුට පෙරලා
පිළිතුරු දෙන
පෙම්වතිය අසන්නේ
"වන්දනාවක් යන
සේ පවිත්‍ර වූ එවන් ඉසවුවක්
වෙත ඔබ හා
පැමිණෙන්නට මාත්
කැමතියි. ඒත්
එය ඇත්තේ කොතැනකද
කියාය."
අමරසිරි පීරිස්
සහ මැණික් ජයසේකර
යන දෙපල ගායනා
කරන මෙම ගීතයේ
පද රචනය හේමසිරි
ගුණතුංගයන් ගේ වන
අතර සංගීතය රෝහණ
වීරසිංහයන්ගේය.
සමස්ථ ගීතය තුළ ආධ්‍යාත්මීය වූ ප්‍රේමයක වන ප්‍රහර්ශය මැනවින් පෙළ ගස්වා ඇත. ආධ්‍යාත්මය මූලික කොට ගත් ප්‍රේමයකට ඇති ඉඩ කොතැනකද
කියා ගීතය අපගෙන් ප්‍රශ්න කරයි.
--චමෝදි විතානගේ--
කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්යුත් මාධ්යකින් ගබඩා කර ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම්ය.
සියළුම හිමිකම් ඇවිරිණි.