එක දවසක අපි නුපුරුදු හීනෙක
හිත හෙමිහිට බැදුනා
අප හමුවුණු හිනැහුනූ මතකය
සසර පුරුදු හැගුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදී හමුවන
පැතුමන්
සිහිනෙකැයි සිතුනා
දවස් තිබුණා හවස්
වෙනකොට ගෙදර යන්නට හිතුණෙවත්
නැති! ඒ වගේ දවස්
වල ඔයාගේ ළගටම වෙලා ඔහේ
තේරුමක් නැති දේවල් කියවන්න
මම ආස කළා! එහෙම
කියවගෙන යද්දී ඔයා ඉක්මනට වටපිට
බලලා ඔයාගේ ලස්සනම හිනාව මට පෙන්නලා කිව්වේ
"සුදු මැණික හිමින් කියවන්නකෝ! හැමෝටම ඇහෙනවා නේ". දැන් ඉතින් මටත්
ලැජ්ජයි. මම ඒ ලැජ්ජාවෙන්ම
ඔයා දිහා බලන් වචයක්වත්
නොකියා ඔයා දිහා බලන්
ඉන්නවා! "පිස්සී" එච්චරයි ඔයා කිව්වේ.
ඒ මගෙයි ඔබෙයි
ඉවරයක් නැති කතාව. අවසානයක්
නැති අපේ කතාව. කතාවට
පටන් ගන්නත් තිත තියන්නත් ඕන
වුණේ ඔයාට. ඒත් අන්තිමට ඔයාගේ
පටන් ගැනීම නිසා දුක් විදින්නේ
මම. හ්ම්! ආදරේ!
ඇයි මෙච්චර මට දුක් දුන්නේ.
හැමදාම අහනවා මම. ඒත් මට
කවදාවත් ඒකට උත්තරයක් නැහැ.
සමහර දේවල් තදින්
අල්ලා ගත්තාම අත අරින්න හරිම
අමාරුයි. ඒකයි අදටත් මට
ඔයාව අමතක කරන්න බැරි.
කෙනෙක්ට තදින් ආදරය කරන හැමෝටම
අන්තිමට වෙන්නේ ඒ ටික. කවුරු
හරි චැට් කලත් දවසකට
වඩා කතා කරන්න හිතෙන් නැති..
අතිතය සමගම ජිවත්වෙන මතකයක්
සමහරක් විට ඔබත් සතුව
අැති. ඔව්
ඒක එහෙම තමයි. අතීතය
කියන්නේ මුළු ජීවිතේම වුණ
කෙනෙක්, බොහෝ විට ජීවත්
වෙන්න උත්සාහ දරන්නේ අතීතයේ මිහිරි මතක එක්කයි. අපිට
අපේ වෙන්න බැරි වුණ දා
ඉදන් මම මගේම හිතින්
අහනවා.. ඇයි ඔයාව මගෙන්
වෙන්කළේ කියලා. ඒත් උත්තරයක් නෑ
ඒකට.
තුන් හිතක සීතලේ
ගුලි වුණු
පෙම් කවක් තියෙනවා
කියන්න
දිවුරන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන
බව
ඔබේ සුවද දැනුණා - හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදී හමුවන
පැතුමන්
සිහිනෙකැයි සිතුනා
බොහොමයක් සුන්දර මතකයන් වන අතර වර්තමානය
ඊට වඩා කටුක විය
හැකියි. මේ කියන මම
උනත් මේක කියවන ඔබට
උනත්, ඔබේම නොවුනු ඔබේ
ආදරයක් තියෙන්නට පුළුවන්. මොන තරම් දාර්ශනික අදහස්
දුන්නත් , ප්‍රශ්නය තමාගේ
නොවන තාක් පිළිතුර දාර්ශනිකයි.
ඒ නිසා මේ ලෝකේ
බොහෝ දෙනෙක් මිය යන්න පණ
අදින, හුස්ම
පමණක්ම අයදින ආදරයක හිමිකරුවෝ.
මේ ලොවම සැහැසී
වූවද සද
මා හදෙන් වෙන්වී
නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ
රැදෙන්න
ඔබේ සුවද දැනුනා- හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදී හමුවන
පැතුමන්
සිහිනෙකැයි සිතුනා
"ආදරෙයි ද?"
"හ්ම්!"
"කොච්චරක් ද?"
"මේච්චරක්"
"මමයි වැඩියෙන් ආදරේ"
"නෑ මම"
"නෑ මම"
"හරි හරි දෙන්නම"
"පිස්සි"
ලැබුනු දේ කොච්චර හොද
වුණත් වටිනවා උනත්, හිත තදින් ඇලුම්
කල ඒ අතීත ආදරය
අතීත ප්‍රේමය ඔබව දවනවා විය
හැකිය. ජිවිතේ
කියන්නේම අහිමි විම හා අනවශ්‍ය දේවල් ලැබිමය. මේ ගතවන ජිවිතයටද උරුමයක්
නැති අපි කොහොමද තවත්
ජිවිතයක් මේ ජිවිතයට ළං කරගන්න සිතන්නේ. අතිතය සුන්දර නම් අමතක කරන්න
එපා විදින්න. අමතක කරන්න උත්සහ
කරන්නත් එපා මතකයේ රදවා
ගන්න. මොකද වැරදිම කාටත්
පොදුයි. මේ භවයේදී ඔබේම වෙන්න බැරි වුණු මට ඊළඟ භවයේවත් ඔබේම වෙන්න ඉඩ දෙනවාද?
-චමෝදි විතානගේ-
කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.
-සියළුම හිමිකම් ඇවිරිණි-